ගුරු මුෂ්ටි ගැන

දන්න කියන දේවල් කාට හරි උගන්වන එක හොද වැඩක්. ගුරු මුෂ්ටි පටන් ගත්තෙ ඒක හින්දම නෙමේ. එකම් කුප්පිය දෙතුන් දෙනෙකුට දාන්න ගියාම එපා වෙනවා. අනිත් එක චැට් වලින් කියලා දෙනවා කියන්නෙ ලේසි දෙයක් නෙමේ. තමන්ට උනත් දන්න කියන දේවල් භාවිතයෙ නැති වුනාම අමතක වෙනවා.

හුගක් කට්ටිය මොනා හරි ඉගෙනගන්න හදන්නෙ හදිස්සියට. හෙට අනිද්දා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවනම්, නැත්නම් මොකක් හරි ව්‍යාපෘතියකට ඕනෙ නම්, අන්තර්ජාලයෙ හෙයලා මොනා හරි පැයෙන් දෙකෙන් ගොඩ දාන්න තමා එන්නෙ. එහෙම කට්ටියට තමන් දන්න දේවල් දන්න සිංහලෙන් තේරෙන විදිහකට ලියලා තිබ්බානම් කාටත් ලේසියි. හුගක් දේවල් පස් හය සැරයක් කියෙවුවත් තේරෙන්නෙ නෑ. සමහර ඒවා ලියලා තියෙන එවා තේරුම් ගන්න උපාධියක් අරගෙන ආවත් මදි.

මම නම් ඉතින් එච්චර දෙයක් දන්නෙ නෑ. දැනට හිතන් ඉන්නෙ JQuery ටිකකුයි Zend ටිකකුයි ලියලා දාන්න. තව Linux හා OpenSim ගැනත් මොනා හරි ලියලා දානවා. මේවා ඉතින් හරිම දේවල් කියලා හිතන්න එපා. හැබැයි මොනා හරි ගොඩ දාන්න පුළුවන් විදිහට ලියනවා.

මේක ඉතින් මමම ලියන්න ඕනෙ කියලා නීතියක් නෑ. මේකෙ පරිගණක තාක්ෂණය ලියනවා කියලා කොහෙවත් ගහලත් නෑ. තමන් දන්න ඕන දෙයක් කාට හරි ඉගෙන ගන්න වැදගත් වේවි කියලා හිතෙනවනම් ලියන එකයි තියෙන්නෙ. මේකෙ තියෙන විදිහට ඕනෙ කෙනෙක්ට ලියන්න බෑ. bbelekkaya@gmail.com එකට ඔයාගෙ mail එක දැම්මනම් මේකෙ කතෘ භාවය අරන් දෙන්න පුළුවන්.